Posts

Showing posts from November 28, 2017

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.