Posts

Showing posts with the label News

ලංකාවේ අලි එක්දාස් හාරසියයක් මරා දැමු මහා අලි සංහාරකයා

Image
ලංකාව වසර දහස් ගණනකට පෙර ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවති හෙයින් අලින් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වී ඇත. අලියා ශාක භක්ෂක සතකු වන අතර මිනිසා හා අලියා අතර අවුරුදු 5000ක ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් පවතී. ලංකාවෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් පවතී. එම නිසා ලංකාවේ අලි,ඇත්තු විශාල වශයෙන් දඩයම් කරන හෙයින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී තිබේ. තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවුණ පනාමුරේ හස්තියාට 1950 අගෝස්තු මස 5 වන දින වෙඩි තබා ඝාතනය කළ ද පසුගියදා ගල්ගමුවේ දල පුට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමෙන් හෙළි වුයේ තවමත් අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා නොවන බවයි.    

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.

ලගදීම ජනපති හමුවට එන කිලෝ පහලොවක් බර හාස්කම් ගොඩක් ඇති පළිඟු මැණික මෙන්න | PHOTOS

Image
 ඉතා හාස්කම් සහිත මිලකළ නොහැකි කහ පළිගු මැණිකක්  කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට රූපයක්, මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු ප්‍රකාශකර තිබෙනවා. දැනට  වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් හමුවූ මෙම මැණික් ගල තමන්ට ලැබුණු පසු තම ජීවිතය  සම්පූර්ණයෙන්ම බවටද ඔහු ප්‍රකාශ කරනවා. එසේම එදා පටන්ම    තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම  වසර 30ක පමණ කාලයක සිට තමන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිට තිබෙන බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික වන  යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික්  ගල පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබුනා. මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන  2ක්...

බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයෙක් මීගමුවේ ධීවර දැලකට - වටිනාකම කෝටි 2යි

Image
දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු ඊයේ (21දා) මීගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ.  කිලෝ 230කටත් වඩා බරකින් යුත් මෙම මත්ස්‍යයාගේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙක් පැවැසීය.  මේ පිළිබඳව අදහස් දැක්වූ  තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය  සමාන්‍යයෙන්  දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල  ලෙස  දක්නට ලැබුණු බවද  පවසා සිටියේය.  ජංගම   දුරකථනයකින්  කරන ලද  ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමටත් පෙර  බහුදින යාත්‍රාවක්  තුළදී  කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මත්ස්‍යා  අලෙවි වී ඇතැයි ද  වාර්තා වේ.

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්

Image
  මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී  අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් අද දින බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත. එම කරුණු අනුව හිටපු මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාද මෙම පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු මෙන්ම අදාළ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව රවී කරුණානායක මහතාගේ බිරිද මෙලා කරුණානායක මහත්මිය 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 320ක් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී ...

හිටපු මුදල් ඇමැති රවීගේ තවත් ගැහිල්ලක් මාට්ටු – කෝටි 15ක්‌ දී පළාත් සභාවට වාහන 19ක්‌ කුලියට අරන්

Image
  හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා  සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක්‌ වැය කර බස්‌නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක්‌ ලබාගෙන ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය. වසර 05ක්‌ තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බස්‌නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක්‌ ලබාගෙන ඇති බවට බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්‍රශ්නය සමග බවත් භාණ්‌ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක්‌ කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය. එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්‌, මෝටර් රථයක්‌ සහ වැන් රථයක්‌ ද ඇති අතර එම එක්‌ කැබ් රථයක්‌ සඳහා මසකට රුපියල් 1,64,500 ක්‌ ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ...

ප්‍රසිද්ධ චරිත තුනකට යුධහමුදාවෙන් ගසා කන්න දීපු නාමල් බේබිගේ වැඩ මෙන්න

Image
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන් ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශ...

62 හැවිරිදි ලාංකිකයෙක් ඕස්ට්‍රේලියානු තරුණියන් 04ක් දූෂණය කරයි | PHOTO

Image
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත. වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත. දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන...