Posts

Showing posts with the label Story of a Man

අල්ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් ගැන ඔබ නොදත් කරුණු මෙන්න

Image
පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු වමත්කරුවෙක්. කවියෙක්. ඔහු තවම ජීවත් වෙනවාද? නැද්ද..? එකී මෙකී නොකී සියලු දේ විඩීයෝව බලන්න. හොදම හරිය අවසානයට.ඒ නිසා අවසානය දක්වා නරඹන්න යහළුවනේ.. මෙවැනි විඩීයෝ නැවතත් බලන්න SUBSCRIBE කරන්න. යහළුවන්ටත් බලන්න SHARE කරන්න.

හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා – කෝටිපතියෙකු කියන කතාව

Image
   ඒ – ලෙවල් කරලා මං ගෙදර හිටියෙ ‘මහා ලොකු’ උපාධියක් ගත්තු මිනිහෙක් වගේ. ඕන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් දෙන හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා. අපේ ලිෆ්ට් එක සේවකයන්ට තහනම්…මට දැන් වයස 46 යි. ඇත්තට ම මං දැන් හම්බකරලා ඉවරයි. මම කරන්නෙත් මේ රටේ සල්ලි ටික පිටරට යවන එක. ඒත් එකට හේතුව මෙන්න, මගේ කතාව දියුණු වෙන කෙනෙකුට හයියක් වේවි. ව්‍යාපාරිකයා කියන්නෙ උල්පත් තියෙන ළිඳක්! මිනිස්සු වතුර ගන්න ගන්න ළිඳ පිරෙනවා. හැබැයි ළිඳවත් දන්නෑ වතුර පිරෙන තැන්. ඒ තරමට උල්පත්. මේ රටේ ප්‍රමුඛතම කෝටිපතියාගෙන් අහන්න, ඔබේ බිස්නස් මොනවද? කොහොමද ඔබ හම්බ කළේ කියලා. නවීන තාක්ෂණය සහ ව්‍යායාම් එකට පෑහි යන ව්‍යාපාරයකට, කොයි තරම් දුරක් යා හැකි දැයි ඔහු දැන සිටියේය. ඒ දැන සිටියාටත් වැඩි දුරක්, පැමිණ ඇති බව ඔහුට දැනෙයි. ව්‍යායාම් පිළිබඳ ප්‍රබෝධය රට පුරා ඇවිළී ගියා සේ ම, අතු ඉති දමා ව්‍යාපාරය ද පුළුල් විය. අද ඔහුගේ ව්‍යායාම් උපකරණ නැති තරු හෝටලයක් නැත. ක්‍රීඩාගාරයක් නැත. ඒ තැනට තමන්ගේ ව්‍යාපාරය ගෙනා, හරින්ද්‍ර එලදැත්ත ගේ කතාව අපට වැදගත් වන්නේ එහෙයිනි. හරියන්න හරි වරදින්න හරි මං කළේ මට ඕ...

ලංකාවේ ‍ෆිල්ම් හදා දියුණු වු ‘සුනිල් ටී’ ගේ ඔබ නොදත් ජීවිත කතාව

Image
  සුනිල් ටී ප්‍රනාන්දු, සමහර විට ඔබ ඒ නම අහලා ඇති. එහෙමත් නැතිනම් සුනිල් ටී ෆිල්ම්ස් ගැන අහලා ඇති. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ චිත්‍රපට අතරින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කලේ ඔහුයි. ඒත් ඔහු මේ ගමන ආරම්භ කලේ දුක් කම්කටොලු ගොඩක් මැඳින්. ඔහු මුලින්ම කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. නමුත් එයින් ඔහු විශාල පාඩුවක් ලබනවා. ඉන් අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් ආරම්භයේදී සියළුම චිත්‍රපට අසාර්ථක වෙනවා. ඒත් ඔහු අද වෙද්දි ශ්‍රී ලංකාවේ සාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා. මේ තරම් අසාර්ථක වෙලා, ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපට හදපු සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වය ගැන කියැවුණු සංවාදයකුයි මේ…. සුනිල් ටී. කියන්නෙ Businessman කෙනෙක් විතරද… නැහැ. ජීවිතේ උපරිම ලෙස විඳපු සහ විඳින කෙනෙක්. අද හම්බ කරලා පොදි බැඳලා හෙට මැරුණොත් මොකද වෙන්නෙ… ජීවිතේ සරල වූ තරමට සොඳුරු වූ තරමට හරි පහසුයි. බිස්නස්වලදිත් සල්ලි තරමට ම මං හොයන්නෙ සතුට. සැනසීම. ඒ වුණාට, බොහෝ අය කියන්නෙ ඔබ සිනමාවේ මාෆියාවක් පවත්වාගෙන යනවා කියලා… මං නිෂ්පාදකයෙක්. චිත්‍රපටි කරනවා. චි...

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්

Image
ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් ර...

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

Image
කොළඹින් හැතැප්ම සියයක් තරම් ඈත පාලටුව ගමේ සිට ඔහු කොළඹ ආවේ පුංචි කොලුවකු ලෙසිනි. බඩගින්න හා බැඳුණු ආර්ථික දරිද්‍රතාව, සැබවින් ම ඔහු කොළඹට තල්ලු කළේය. අද මෙන් ම එදාත් අන්තිම නරක මරදානේ ඔහු නෙළුමක් මෙන් පිපුණේය. බොහෝ දුක් විඳ ව්‍යාපාරයක් හැදුවේය. ජීවිතයට යහ මඟ කියා දෙන පත පොත මෙන්, ඔහු අධ්‍යයනය ද වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි. මං ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා. පොත් කියන්නෙ හොඳහැටි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නේද… මටත් මේක ඉස්සර බිස්නස් එකක් විතරයි. හැබැයි දැන් වෙනස්. දැන් බිස්නස් එක වගේ ම සේවය ගැනත් හිතනවා. ලාභ හොඳින් උපයන්න පුළුවන් විකිණෙන පොත් විතරක් මුද්‍රණය කරනවා නම් විතරයි. නමුත් සේවයක් කිරීමේ අරමුණින් කරන පොත්වලින් ලාභ හොයන්න බැහැ. එතකොට මොනවද ඔය විකිණෙන හා නොවිකිණෙන පොත්… අද ලාභයක් ඇතිව හම්බ කරන්න පුළුවන්, පාසල් ළමයින්ගේ විෂය පොත්වලින් විතරයි. කීය වුණත් ගන...