Posts

Showing posts with the label Art

ප්‍රංශයේ වෙසෙන අපේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු ලංකාවේ වාර්ථාපොත් අතරට | PHOTO & VIDEO

Image
ප්‍රoශයේ සිටින ශ්‍රී ලාoකික තරුණ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක වරයකු වන රෙෂාන් ප්‍රනාන්දු (Reshan Fernando) ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "A Gold Star Kid" සමගින් ලොවවටා සoචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උලෙළක් වන සුප්‍රසිද්ධ Los Angeles CineFest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගීවන්නට ආරාධනා ලැබී තිබෙනවා. ඒ සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සදහා සහභාගීවන ලාබාලතම ශ්‍රී ලාoකික සිනමා අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වේ.  https://www.facebook.com/lacin efest රෙෂාන් ප්‍රනාන්දු මෙම වසරේ (2017) එලිදැක්වූ "රන් තරුවක් වූ ළමයා" A GOLD STAR KID ප්‍රoශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුලු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කීපයක් නියොජනයකරමින් තවමත් ලොවවටා සoචාරයේ සිටියි. එහි පූර්ව ප්‍රචාරක පටය (Trailer) ලොව ප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවිය මගින් පසුගියදා ප්‍රචාරය කලා. http://filmshortage.com/traile rs/gold-star-kid Los Angeles CineFest සිනමා උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ අදහස වන්නේ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස රෙෂාන් ප්‍රනාන්දු සතු සිනමා අද...

යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න | PHOTO

Image
වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ. සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter Head එකක තමයි මේ ගීතය ලියලා තියෙන්නෙත්. මේ තියෙන්නෙ සුනිල් අාරියරත්න මහතාගේ අත් අකුරින් ලියවුණ දෛව යෝගයකින් නොවේ ගීතයේ මුල් පිටපත.