Posts

Showing posts from February 15, 2017

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

Image
කොළඹින් හැතැප්ම සියයක් තරම් ඈත පාලටුව ගමේ සිට ඔහු කොළඹ ආවේ පුංචි කොලුවකු ලෙසිනි. බඩගින්න හා බැඳුණු ආර්ථික දරිද්‍රතාව, සැබවින් ම ඔහු කොළඹට තල්ලු කළේය. අද මෙන් ම එදාත් අන්තිම නරක මරදානේ ඔහු නෙළුමක් මෙන් පිපුණේය. බොහෝ දුක් විඳ ව්‍යාපාරයක් හැදුවේය. ජීවිතයට යහ මඟ කියා දෙන පත පොත මෙන්, ඔහු අධ්‍යයනය ද වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි. මං ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා. පොත් කියන්නෙ හොඳහැටි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නේද… මටත් මේක ඉස්සර බිස්නස් එකක් විතරයි. හැබැයි දැන් වෙනස්. දැන් බිස්නස් එක වගේ ම සේවය ගැනත් හිතනවා. ලාභ හොඳින් උපයන්න පුළුවන් විකිණෙන පොත් විතරක් මුද්‍රණය කරනවා නම් විතරයි. නමුත් සේවයක් කිරීමේ අරමුණින් කරන පොත්වලින් ලාභ හොයන්න බැහැ. එතකොට මොනවද ඔය විකිණෙන හා නොවිකිණෙන පොත්… අද ලාභයක් ඇතිව හම්බ කරන්න පුළුවන්, පාසල් ළමයින්ගේ විෂය පොත්වලින් විතරයි. කීය වුණත් ගන්නවන