Posts

Showing posts with the label Featured

ලංකාවේ අලි එක්දාස් හාරසියයක් මරා දැමු මහා අලි සංහාරකයා

Image
ලංකාව වසර දහස් ගණනකට පෙර ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවති හෙයින් අලින් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වී ඇත. අලියා ශාක භක්ෂක සතකු වන අතර මිනිසා හා අලියා අතර අවුරුදු 5000ක ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් පවතී. ලංකාවෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් පවතී. එම නිසා ලංකාවේ අලි,ඇත්තු විශාල වශයෙන් දඩයම් කරන හෙයින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී තිබේ. තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවුණ පනාමුරේ හස්තියාට 1950 අගෝස්තු මස 5 වන දින වෙඩි තබා ඝාතනය කළ ද පසුගියදා ගල්ගමුවේ දල පුට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමෙන් හෙළි වුයේ තවමත් අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා නොවන බවයි.    

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා..! ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා “කොන්ක්‍රීට් කුලසිංහ” ලෝකෙටම කරපු දේ | PHOTO

Image
  කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. ...

‘ලොව කැතම ගැහැණිය’ ලෙස නම් කල තරුණිය ජීවිතයට මුහුණ දුන් හැටි | PHOTO

Image
සංසාරේ කරපු පිනක් නිසා ලැබුණු මිනිස් ආත්මය ආරක්ෂා කරගන්නවා නම් ඒ තමයි ජිවිත ජයග්‍රහණය. ඊට හොදම නිදසුන lizzie velasquez. වර්ෂ 1989 මාර්තු 19 දා ඇමරිකාවේ Texas කියන ප්‍රාන්තයේ ඉපදුණු ඇය අද ලෝකයම දන්න යුවතියක්. වයසට වඩා විරූපී පෙණුම කාලයකදී ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඒ ප්‍රතික්ෂේප කිරීම ඇය විසින්ම අභියෝගයක් කරගත් නිසා කෙට් කලකින්ම ඇය ලෝකයේම අවධානය ගන්න සමත් වෙනවා. ඒ නිරහංකාර චරිතය දැන් ලෝකයටම ආදර්ශය සපයමින් motivational speaker කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඇය කෘතීන් ලියනවා.මේ ලෝකේ කැතම ගැහැණිය ලෙස නම් වුණු ඇය ගැන විදෙස් පුවත්පතක සදහන් වූ ලිපියක් හිරු ගොසිප් අපි පරිවර්ථනය කළා. මේ ඒ නිරහංකාර ගැහැණියගේ කතාවයි “මම මගේ අම්මාගේ කුසින් මෙලොව එළිය දුටු මොහොතේම මගේ ස්භාවය හා රෝගය ගැන වෛද්‍යවරු මගේ දෙමාපියන්ට කියලා තියෙනවා. ඒ මොහොතේ මගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්ෂේප කළේ නැහැ.වෛද්‍යවරුට කියලා තියෙන්නේ කොහොම හරි මගේ දරුවාව මම හදාගන්නවා කියලා. ඒ වගේම මගේ දෙමාපියන් මට කිසිම අඩුවක් නොකර මාව සතුටින් තිබ්බා. උස්මහත් කළා. මට අවශ්‍ය සියලු දේ දුන්නා. ඔවුන් හිතින් දුක් වෙන්න ඇති ඒත් ...