Posts

Showing posts from November 5, 2017

ලක්ෂ 100ක් නැරඹූ මින්මැදුරේ මෝරාගේ ප්‍රහාරය | VIDEO

Image
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කෞතුකාගාරයක පිහිටුවා ඇති මෝර ටැංකියක් ස්පර්ෂ කල පුද්ගලයෙකුට ඉතා බියජනක අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ. මෙම කෞතුකාරයේ ඇති මෙම මෝර ටැංකිය ව්‍යාජ එකක් වන අතර යමෙකු එම ටැංකිය මත අත තැබූ විගස ටැංකිය තුල සිටින මෝරෙකු එම වීදුරුවට පහරදී එය බිඳ දමන අයුරින් එය නිර්මාණය කර ඇත. මේ පිළිබඳව නොදත් Gregory Heinzman නමැති තරුණයෙකු එයට අත තබන අතර අනපේක්ෂිත මෝර ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස බියට පත්ව ඉවතට විසිව යන අයුරු යමෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මේ වනවිට එම වීඩියෝව ලොව පුරා මිලියන 10කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

ලංකාවේ දේශපාලකයන් ගස් කපද්දි වසර 700ක් පැරණි ගසක් බේරා දුම්රියපළක් තැනූ ජපන්නු | PHOTO & VIDEO

Image
ඇමති බදියුර්දීන් විල්පත්තුව කපමින් මිනිස් ජනාවාස බිහිකරයි. නුවර අධිවෙගය වෙනුවෙන් පරිසරය ගැන නොතකා පස් කදු ගොඩගසයි. රට පුරාම මහා වනාන්තර එක රැයින් කපා දමා දේශපාලකයන්ගේ හයියෙන් මුදලාලිලා පෝසත් වෙති. ඒ ලංකාවේය. ජපානයේ? ලිඛිත වාර්තා අනුව වසර 700ක් පැරණි ගසක් කපා නොදමා අලංකාර ලෙස ඒ ආශ්‍රිතව දුම්රිය පළක් ඉදිකිරීමට ජපාන ඉංජිනේරුවන් කටයුතු කර තිබේ. ඕසකා දිස්ත්‍රික්කයේ නයගාවා නගරයේ කයෂිමා දුම්රියපළ මෙලෙස එහි වූ ඉපැරණි ගසද සමඟ සංවර්ධනය කර ඇත. 1910 වසරේදී ඉදිකරන ලද මෙම දුම්‍රිය 1972 වසරේදී නැවත අලුත්වැඩියා කර ඇති අතර එහිදී මුලින් මෙම ගස කපා දැමීමට තීරණය කලද පසුව එම අදහස අතහැර එම ගස සමඟම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ඇත. ජපානයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ඇති අතර මෙයද ඒ අතර වැදගත් පාඩමකි.