ප්‍රංශයේ වෙසෙන අපේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු ලංකාවේ වාර්ථාපොත් අතරට | PHOTO & VIDEO

ප්‍රoශයේ සිටින ශ්‍රී ලාoකික තරුණ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක වරයකු වන රෙෂාන් ප්‍රනාන්දු (Reshan Fernando) ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "A Gold Star Kid" සමගින් ලොවවටා සoචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උලෙළක් වන සුප්‍රසිද්ධ Los Angeles CineFest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගීවන්නට ආරාධනා ලැබී තිබෙනවා. ඒ සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සදහා සහභාගීවන ලාබාලතම ශ්‍රී ලාoකික සිනමා අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වේ. 

රෙෂාන් ප්‍රනාන්දු මෙම වසරේ (2017) එලිදැක්වූ "රන් තරුවක් වූ ළමයා" A GOLD STAR KID ප්‍රoශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුලු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කීපයක් නියොජනයකරමින් තවමත් ලොවවටා සoචාරයේ සිටියි.
එහි පූර්ව ප්‍රචාරක පටය (Trailer) ලොව ප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවිය මගින් පසුගියදා ප්‍රචාරය කලා.


Los Angeles CineFest සිනමා උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ අදහස වන්නේ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස රෙෂාන් ප්‍රනාන්දු සතු සිනමා අද්දැකීම් හා වෙනස් වූ දැක්ම, නව ආකල්ප මෙම තෝරාගැනීමට හේතුවූ බවයි. ඔහු මෙතෙක් නිර්මාණයකල කෙටි චිත්‍රපට ගණන හතක් වන අතර එයින් හතරක් ලoකාවේදී හා ඉතිරිය ප්‍රoශයේදී නිර්මාණය කර තිබේ. ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "නොකියූ සිතුවිලි" UNTOLD THOUGHTS නමින් ලබන වසරේ පෙබරවාරි මස වැඩ අවසන් වී ලෝක කෙටි චිත්‍රපට උළෙලවල් සදහා සoචාරයේ යෙදීමට සූදානම් වේ. 
විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කෙරුනු ඔහුගේ මෙම නවතම කෙටි චිත්‍රපටය හොල්මන් තේමාවක් යටතේ නිර්මාණය කර ඇත. ප්‍රoශ ජාතික ළමා නිලියක් වන මාර්ලෝ ත්‍රොපේ (Marlo Torpée) හා ප්‍රoශයේ ඉපදී හැදීවැඩුනු ලාoකික ළමා නළුවෙකු වන දිනුග ඩයස් (Dinuga Dias) තිරටය හදුන්වාදෙමින් මෙහි ප්‍රධාන චරිතවලට පනපොවා ඇත. 
කුඩා ළමුන් දෙදෙනෙකු වටා ගෙතුනු අපූරු භයංකර කතාවක් එයින් ඉදිරිපත්වන අතර මෙහි කාර්‍යය මණ්ඩලය සඳහා ප්‍රoශය, ශ්‍රී ලoකාව ඇතුලුව රටවල් කීපයක සිනමාවේ නිරත පිරිස් සහභාගී වූ බව රෙෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කරයි. දැනට එහි සoස්කරණ කටයුතු හා විශේෂප්‍රයෝග සදහා යොමුවෙමින් පවතින අතර කැමරාකරණයෙන් ශිතිල සමාධි (Shithila Samadhi) හා විශේෂප්‍රයෝග සදහා ග්‍රේෂන් කුලරත්න (Greshan Kularathne) දායක වෙයි.



Official FB:


Los Angeles CineFest

A  Gold Star Kid (short film)
Trailer 2
Trailer 1

Award Wining Gloomy Boy (short film)








Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න

62 හැවිරිදි ලාංකිකයෙක් ඕස්ට්‍රේලියානු තරුණියන් 04ක් දූෂණය කරයි | PHOTO