‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO
ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ. මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි. නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි. එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘...