ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න
අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ ගූගල්ය. 1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර් ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්, තාක්ෂණ මෙවලම් නිපදවීම් ආදිය සිදු කරයි. කවුරුත් විද්‍යුත් තෑපෑල භාවිතා කරන අතර, බොහෝ දෙනා භාවිතා කරන ජී මේල් විද්‍යුත් තැපැල් සේවය ද ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. චන්ද්‍රිකා යොදා ගනිමින් ගූගල් මැප් නමින් ලෝක ගෝලය සිතියම් ගත කිරීම කළේ ද ගූගල් සමාගමය. අපට අලුතින් හඳුන්වා දෙනු ලැබූ ‘ගූගල් රෝඞ් විව්’ පමණක් නොව, යූ ටියුබ් පවා ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. ගූගල් සමාගම අප කාගේත් දත්ත ගබඩා කර තබා ගන්නේ ඔවුන්ගේ අති විශාල දත්ත ගබඩා සංකීර්ණයේය. මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔරෙගන්හිය. මෙය අධි ආරක්ෂිත ස්ථානයකි. පිටත කාටවත් පමණක් නොවේ ගූගල් සමාගමේ සේවක සේවිකාවන්ට පවා මෙයට ඇතුළු වීමට අවසර නැත. අවසර ඇත...