Posts

Showing posts from November 6, 2017

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්

Image
ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් ර