Posts

Showing posts from December 5, 2017

ලොව එකම පිරිමි සුදු රයිනෝ වෙනුවෙන් දිවා රෑ නොබලන කෙන්යාව හා දළ ඇතෙකු මරා දැමූ පසු මිනී සොයා වලවල් හාරන ලංකාව | PHOTO

Image
 සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය. මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය. දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි. මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි. ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමුවේදී