දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ.

2014 වසරේදී හදිසියේම  සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්.

සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය  සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන  තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි.

නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික  සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ.

දැන් ගිගී චාවෝට අවුරුදු 37ක්. තවමත් පෙරකී ලංසුව විවෘත වන අතර ඕනෑම තරුණයෙකුට ඇගේ සිත ගැනීම සදහා වෙහෙසිය හැකියි.

2014 වසරේ සිට මේ දක්වා ලොව පුරා බොහෝ කඩවසම් තරුණයින් උත්සාහ කලත් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැහැ කිසිවෙකුටත්. 

බොහෝ විට ඇය කැමතිවන තරුණයා මෙය කියවන ඔබ විය හැකියි. නැතිනම් ඔබේ මිතුරෙකු විය හැකියි. 

තවත් තොරතුරු සොයා බලා  පොඩි උත්සාහයක යෙදුනොත් සමහර විට ඔබට ප්‍රකෝටිපතියෙකු විය හැක

ගිගීගේ සහ පියාගේ මෙන්ම ඇගේ හිතගත් යුවතියගේ ජායාරූප පහතින් දැක්වේ.






Comments

  1. US sports toto: We list every sport that we think has the best sports bets
    All Sports Betting Sites Online 2021 · Bovada: 사설 토토 사이트 The world's favorite online sportsbook. Bovada is an online betting site offering sports betting, poker,

    ReplyDelete
  2. Best Casinos Near Carson, NV - Mapyro
    Casinos Near 원주 출장샵 Carson, NV - Use this simple form to find the closest casinos to Carson, Nevada. Find casinos with the closest 순천 출장안마 proximity 속초 출장안마 to 안양 출장마사지 Carson, 의왕 출장마사지 Nevada,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න