රංගනයක් සේ සිදුවූ අනුෂ්කා ෂර්මාගේ සහ සුපිරි ක්‍රිකට් තරු කෝලිගේ විවාහයේ නොදුටු වීඩියෝ මෙන්න | VIDEO

අන්තර්ජාලය පුරාම මේ වෙද්දි කතාවෙන්නේ විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන.

ඉතාලියේ මිලානෝ නුවරට ආසන්නයේ පිහිටි ටොස්කානා ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණා.

මෙම විවාහ උත්සවය ගැන ට්විටර් පණිවුඩයක් මගින් අනුෂ්කා මෙන්න මේ වගේ දෙයක් කියලා තිබුණා.
“අද අපි එකිනෙකාට ආදරෙන් හැමදාම බැඳී ඉන්න පොරොන්දු වුණා. ඒ ගැන අපි ඔබට දැන් කියනවනා.

මේ වගේ සුන්දර දවසක් අපිට උදාවුණේ මගේ පවුලේ උදවිය වගේම මට ආදරය කරන රසිකයන්ගේ ආශිර්වාදයෙන්.

හැමදාමත් අපිත් එක්ක ඉන්න එකට මම ඔබට ස්තූති කරනවා.”

මේ සුපිරි මංගල උත්සවයේ අනුෂ්කා ෂර්මාව හැඩ ගන්වා තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන Sabyasachi Mukherji යි.

මෙම උත්සවයට සීමිත ප්‍රභූ පිරිසක් එක්වී සිටි ඇති අතර ඔවුන්ගේ මංගල්‍යය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.



Comments