බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයෙක් මීගමුවේ ධීවර දැලකට - වටිනාකම කෝටි 2යි

දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු ඊයේ (21දා) මීගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ.  කිලෝ 230කටත් වඩා බරකින් යුත් මෙම මත්ස්‍යයාගේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙක් පැවැසීය. 

මේ පිළිබඳව අදහස් දැක්වූ  තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය  සමාන්‍යයෙන්  දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල  ලෙස  දක්නට ලැබුණු බවද  පවසා සිටියේය. 

ජංගම   දුරකථනයකින්  කරන ලද  ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමටත් පෙර  බහුදින යාත්‍රාවක්  තුළදී  කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මත්ස්‍යා  අලෙවි වී ඇතැයි ද  වාර්තා වේ.

Comments

Popular posts from this blog

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS