ලංකාවේ දේශපාලකයන් ගස් කපද්දි වසර 700ක් පැරණි ගසක් බේරා දුම්රියපළක් තැනූ ජපන්නු | PHOTO & VIDEO

ඇමති බදියුර්දීන් විල්පත්තුව කපමින් මිනිස් ජනාවාස බිහිකරයි. නුවර අධිවෙගය වෙනුවෙන් පරිසරය ගැන නොතකා පස් කදු ගොඩගසයි. රට පුරාම මහා වනාන්තර එක රැයින් කපා දමා දේශපාලකයන්ගේ හයියෙන් මුදලාලිලා පෝසත් වෙති. ඒ ලංකාවේය.

ජපානයේ?

ලිඛිත වාර්තා අනුව වසර 700ක් පැරණි ගසක් කපා නොදමා අලංකාර ලෙස ඒ ආශ්‍රිතව දුම්රිය පළක් ඉදිකිරීමට ජපාන ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.

ඕසකා දිස්ත්‍රික්කයේ නයගාවා නගරයේ කයෂිමා දුම්රියපළ මෙලෙස එහි වූ ඉපැරණි ගසද සමඟ සංවර්ධනය කර ඇත.

1910 වසරේදී ඉදිකරන ලද මෙම දුම්‍රිය 1972 වසරේදී නැවත අලුත්වැඩියා කර ඇති අතර එහිදී මුලින් මෙම ගස කපා දැමීමට තීරණය කලද පසුව එම අදහස අතහැර එම ගස සමඟම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ඇත.

ජපානයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ඇති අතර මෙයද ඒ අතර වැදගත් පාඩමකි.









 

Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න