ලගදීම ජනපති හමුවට එන කිලෝ පහලොවක් බර හාස්කම් ගොඩක් ඇති පළිඟු මැණික මෙන්න | PHOTOS

 ඉතා හාස්කම් සහිත මිලකළ නොහැකි කහ පළිගු මැණිකක්  කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට රූපයක්, මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු ප්‍රකාශකර තිබෙනවා.

දැනට  වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් හමුවූ මෙම මැණික් ගල තමන්ට ලැබුණු පසු තම ජීවිතය  සම්පූර්ණයෙන්ම බවටද ඔහු ප්‍රකාශ කරනවා. එසේම එදා පටන්ම    තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුනා.

එසේම  වසර 30ක පමණ කාලයක සිට තමන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිට තිබෙන බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික වන  යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික්  ගල පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබුනා.

මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන  2ක් පමණ ගතවෙනවා.කෙසේ නමුත් මෙම මැණික් ගල ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර පසුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවයි  වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න