‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO

                                 


ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ.

මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ.

‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි.

නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි.

එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘ කෞතුකාගාරයේ සංරක්ෂණ විශේෂඥයකු වන බෘනෝ මොටිං සදහන් කරයි.

සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන බවක් ඇති බව පෙනේ.

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් ඔහුගේ බිරිඳ වූ ලීසා ගෙරාර්දිනීගේ උඩුකය සිතුවමට නැගීමේ උවමනාව නිසා ‘මොනා ලීසා’ නිර්මාණය වුයේ යැයි විශ්වාස කෙරේ.


Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න