පැය 09ක් අඛණ්ඩව පෑයූ වාර්තාගත දේදුන්නක තතු

දේදුන්නක් යනු සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර ආකර්ෂණයට පත්වන දෙයක් වුවද, චීන තායිපේ සංස්කෘතික විශ්වවිද්‍යාලයේ සිසුන්ට හා ආචාර්යවරුන්ට පසුගියදා එය ලෝක වාර්තාවක් බවට පත්විය.

ඒ පැය 09ක කාලයක් එක දිගට රැඳුනු අපූරු දේදුන්නක් පිළිබඳ දත්ත වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවීම හේතුවෙනි.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චෝවු කුන්-සුආන් පවසා සිටියේ එය අහසින් ලැබුණු ත්‍යාගයක් ලෙස අපූරු චමත්කාරයක් පැය 09ක කාලයක් පුරාවට ලබාදුන් බවයි.

එම මහාචාර්යවරයා මෙන්ම තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දුර්ලභ සිදුවීම වාර්තා කිරීමට යුහුසුළු වූහ.

ඔවුන්ගේ නිරීක්ෂණ සහ ඡායාරූපවලට අනුව උදෑසන 06.57ට දර්ශනය වීම ආරම්භ වී තිබූ මෙම දේදුන්න අවසන් වී තිබුණේ සවස 03.55 ටය.

මෙම දත්ත වඩාත් තහවුරු කරගැනීමට හැකි වුවහොත් මීට පෙර එංගලන්තයේ, යෝක්ෂෙයර් හි වාර්තා වී තිබූ පැය 06ක දේදුන්න පහසුවෙන්ම අභිභවා ලෝක වාර්තාවක් තැබීමට මෙම දේදුන්නට හැකිවනු ඇත.






















Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න