ලොව එකම පිරිමි සුදු රයිනෝ වෙනුවෙන් දිවා රෑ නොබලන කෙන්යාව හා දළ ඇතෙකු මරා දැමූ පසු මිනී සොයා වලවල් හාරන ලංකාව | PHOTO

 සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය.

මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය.

දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි.

මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි.

ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමුවේදී ඇත් දල ජාවාරම්කරුවන් විසින් මරා දමුවයි සැක කරන්නේ සංචාරක ආකර්ශනය් දිනා ගත් ගල්ගමුවේ දල පුට්ටුවාය..
පරිසර ඇමති රටේ ඉහලම පුටුවෙහි සිටින ,වනජීවී දෙපර්තුමේන්තුවක් පවතින තවත් අදාළ ඇමතිවරු එකී මෙකි නොකී නිලධාරීන් දුසිම් දෙක තුන සිටින රටේ දේශීය විදේශීය සංචාරක ආකර්ශනය දිනා ගත් මෙවැනි සුන්දර සත්වයෙකු මරා දැමීමට ඇත් දල ජාවාරම් කරුවන් ප්‍රබල වීම ප්‍රශ්න කල යුතු නොවේද ?

අද මියයන්නේ අන්තිම ඇතා නොවුවත් අන්තිම ඇතා මරණයට පත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමා වැඩක් නැත. තවමත් මෙරට ඇතුන් පිළිබඳ DNA දත්ත සටහනක් නැත.
වසරකට මියයන 250ක් පමණ අලි ඇතුන් වෙනුවෙන් සිදු කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පමණක්ද ?





Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න