හිටපු මුදල් ඇමැති රවීගේ තවත් ගැහිල්ලක් මාට්ටු – කෝටි 15ක් දී පළාත් සභාවට වාහන 19ක් කුලියට අරන්

හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක් වැය කර බස්‌නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක් ලබාගෙන ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය. වසර 05ක් තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
බස්‌නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක් ලබාගෙන ඇති බවට බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්‍රශ්නය සමග බවත් භාණ්‌ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක් කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය.
එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්, මෝටර් රථයක් සහ වැන් රථයක් ද ඇති අතර එම එක් කැබ් රථයක් සඳහා මසකට රුපියල් 1,64,500 ක් ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ක් ද, වෑන් රථය සඳහා 1,70,000ක් වශයෙන් ගෙවීම් කර තිබේ.
කෙසේ වෙතත් පුදුම කරවන කාරණය වන්නේ මෙම වාහනවලට ගෙවා නිම කිරීමෙන් පසු වාහන නැවත කුලියට ගත් සමාගමටම හිමි වීමයි. මෙම වාහනවලට ඉන්ධන සහ රියැදුරු වැටුප් සඳහා වියදම් දරන්නේත් පළාත් සභාව වන අතර මෙම වාහන නිලධාරීන් සඳහා භාවිත කර තිබේ.

මෙතන කියලා තියෙන දේ අනුව නම් රවියගේ වැරැද්දක් නෑ. ඔය කියන කෙනා දන්නෙ නෑ කල්බදු ක්‍රම 3ක් තියෙනවා කියලා. එකක් මූල්‍ය කල්බදු. ඒකේදි අදාළ ආයතනය සමඟ එකඟතාවකට ඇවිල්ලා අදාළ වත්කම අයිති කර ගන්න පුළුවන්. තව එකක් මෙහෙයුම් කල්බදු, ඒ මේක. එතනදි අදාළ වත්කම කුලියට ගත්තා වගේ තමයි. කාලය ඉවර වුනාම දුන්න ආයතනයටම ඒක හිමි වෙනවා. අනික විකුණා ආපසු ගැනීමේ කල්බදු. අපි සතු වත්කමක්, විකුණලා ඒ ආයතනයෙන්ම කල්බදු කරලා ගන්නවා. මේ එක ක්‍රමයක්වත් නීති විරෝධී ගැහිලි නෙවෙයි. ටෙන්ඩර් කරලා අරගෙන නම් ප්‍රශ්නයක් නෑ. අනික ඔය මහ ඇමතිගේ ආණ්ඩුව තියෙද්දි නේද මේ අරන් තියෙන්නේ.
ReplyDelete