ජෙට් සූට් ලෝක වාර්තාව ජයගත් සැබෑ අයන් මෑන් | VIDEO

ජෙට් සූට් ඇඳුමකින් සැරසී සිදුකළ ලොව වේගවත්ම ගුවන් ගමන සිදුකරමින් සැබෑ ලෝකයේ අයන් මෑන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
 
ජෙට් සූට් පැළඳ සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රකට රිචඩ් බ්‍රවුනින් වැඩි දෙනෙකු හඳුන්වන්නේ අයන් මෑන් ලෙසිනි.
 
බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබේ.

 මෙය ඔහු විසින්ම නිර්මාණය කළ සුවිශේෂී ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයකි.

ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම හෙවත්, ග්ලයිඩින් සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කළේය.

ඔහුගේ නවතම ජෙට් සූට් එක නම් කර ඇත්තේ ඩේඩලස් යනුවෙනි.
එහි සමස්ත බර රාත්තල් 286කි.

ඊට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර, ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබේ.











Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න