දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී චාවෝට අවුරුදු 37ක්. තවම
Comments
Post a Comment