Posts

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්

Image
ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් ර...

ලක්ෂ 100ක් නැරඹූ මින්මැදුරේ මෝරාගේ ප්‍රහාරය | VIDEO

Image
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කෞතුකාගාරයක පිහිටුවා ඇති මෝර ටැංකියක් ස්පර්ෂ කල පුද්ගලයෙකුට ඉතා බියජනක අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ. මෙම කෞතුකාරයේ ඇති මෙම මෝර ටැංකිය ව්‍යාජ එකක් වන අතර යමෙකු එම ටැංකිය මත අත තැබූ විගස ටැංකිය තුල සිටින මෝරෙකු එම වීදුරුවට පහරදී එය බිඳ දමන අයුරින් එය නිර්මාණය කර ඇත. මේ පිළිබඳව නොදත් Gregory Heinzman නමැති තරුණයෙකු එයට අත තබන අතර අනපේක්ෂිත මෝර ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස බියට පත්ව ඉවතට විසිව යන අයුරු යමෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මේ වනවිට එම වීඩියෝව ලොව පුරා මිලියන 10කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

ලංකාවේ දේශපාලකයන් ගස් කපද්දි වසර 700ක් පැරණි ගසක් බේරා දුම්රියපළක් තැනූ ජපන්නු | PHOTO & VIDEO

Image
ඇමති බදියුර්දීන් විල්පත්තුව කපමින් මිනිස් ජනාවාස බිහිකරයි. නුවර අධිවෙගය වෙනුවෙන් පරිසරය ගැන නොතකා පස් කදු ගොඩගසයි. රට පුරාම මහා වනාන්තර එක රැයින් කපා දමා දේශපාලකයන්ගේ හයියෙන් මුදලාලිලා පෝසත් වෙති. ඒ ලංකාවේය. ජපානයේ? ලිඛිත වාර්තා අනුව වසර 700ක් පැරණි ගසක් කපා නොදමා අලංකාර ලෙස ඒ ආශ්‍රිතව දුම්රිය පළක් ඉදිකිරීමට ජපාන ඉංජිනේරුවන් කටයුතු කර තිබේ. ඕසකා දිස්ත්‍රික්කයේ නයගාවා නගරයේ කයෂිමා දුම්රියපළ මෙලෙස එහි වූ ඉපැරණි ගසද සමඟ සංවර්ධනය කර ඇත. 1910 වසරේදී ඉදිකරන ලද මෙම දුම්‍රිය 1972 වසරේදී නැවත අලුත්වැඩියා කර ඇති අතර එහිදී මුලින් මෙම ගස කපා දැමීමට තීරණය කලද පසුව එම අදහස අතහැර එම ගස සමඟම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ඇත. ජපානයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ඇති අතර මෙයද ඒ අතර වැදගත් පාඩමකි.  

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

Image
කොළඹින් හැතැප්ම සියයක් තරම් ඈත පාලටුව ගමේ සිට ඔහු කොළඹ ආවේ පුංචි කොලුවකු ලෙසිනි. බඩගින්න හා බැඳුණු ආර්ථික දරිද්‍රතාව, සැබවින් ම ඔහු කොළඹට තල්ලු කළේය. අද මෙන් ම එදාත් අන්තිම නරක මරදානේ ඔහු නෙළුමක් මෙන් පිපුණේය. බොහෝ දුක් විඳ ව්‍යාපාරයක් හැදුවේය. ජීවිතයට යහ මඟ කියා දෙන පත පොත මෙන්, ඔහු අධ්‍යයනය ද වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි. මං ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා. පොත් කියන්නෙ හොඳහැටි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නේද… මටත් මේක ඉස්සර බිස්නස් එකක් විතරයි. හැබැයි දැන් වෙනස්. දැන් බිස්නස් එක වගේ ම සේවය ගැනත් හිතනවා. ලාභ හොඳින් උපයන්න පුළුවන් විකිණෙන පොත් විතරක් මුද්‍රණය කරනවා නම් විතරයි. නමුත් සේවයක් කිරීමේ අරමුණින් කරන පොත්වලින් ලාභ හොයන්න බැහැ. එතකොට මොනවද ඔය විකිණෙන හා නොවිකිණෙන පොත්… අද ලාභයක් ඇතිව හම්බ කරන්න පුළුවන්, පාසල් ළමයින්ගේ විෂය පොත්වලින් විතරයි. කීය වුණත් ගන...