Posts

‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO

Image
                                  ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ. මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි. නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි. එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘...

ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න | VIDEO

Image
  ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න…

ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න | VIDEO

Image
  ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න…

‘ලොව කැතම ගැහැණිය’ ලෙස නම් කල තරුණිය ජීවිතයට මුහුණ දුන් හැටි | PHOTO

Image
සංසාරේ කරපු පිනක් නිසා ලැබුණු මිනිස් ආත්මය ආරක්ෂා කරගන්නවා නම් ඒ තමයි ජිවිත ජයග්‍රහණය. ඊට හොදම නිදසුන lizzie velasquez. වර්ෂ 1989 මාර්තු 19 දා ඇමරිකාවේ Texas කියන ප්‍රාන්තයේ ඉපදුණු ඇය අද ලෝකයම දන්න යුවතියක්. වයසට වඩා විරූපී පෙණුම කාලයකදී ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඒ ප්‍රතික්ෂේප කිරීම ඇය විසින්ම අභියෝගයක් කරගත් නිසා කෙට් කලකින්ම ඇය ලෝකයේම අවධානය ගන්න සමත් වෙනවා. ඒ නිරහංකාර චරිතය දැන් ලෝකයටම ආදර්ශය සපයමින් motivational speaker කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඇය කෘතීන් ලියනවා.මේ ලෝකේ කැතම ගැහැණිය ලෙස නම් වුණු ඇය ගැන විදෙස් පුවත්පතක සදහන් වූ ලිපියක් හිරු ගොසිප් අපි පරිවර්ථනය කළා. මේ ඒ නිරහංකාර ගැහැණියගේ කතාවයි “මම මගේ අම්මාගේ කුසින් මෙලොව එළිය දුටු මොහොතේම මගේ ස්භාවය හා රෝගය ගැන වෛද්‍යවරු මගේ දෙමාපියන්ට කියලා තියෙනවා. ඒ මොහොතේ මගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්ෂේප කළේ නැහැ.වෛද්‍යවරුට කියලා තියෙන්නේ කොහොම හරි මගේ දරුවාව මම හදාගන්නවා කියලා. ඒ වගේම මගේ දෙමාපියන් මට කිසිම අඩුවක් නොකර මාව සතුටින් තිබ්බා. උස්මහත් කළා. මට අවශ්‍ය සියලු දේ දුන්නා. ඔවුන් හිතින් දුක් වෙන්න ඇති ඒත් ...

62 හැවිරිදි ලාංකිකයෙක් ඕස්ට්‍රේලියානු තරුණියන් 04ක් දූෂණය කරයි | PHOTO

Image
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත. වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත. දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන...

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්

Image
ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් ර...

ලක්ෂ 100ක් නැරඹූ මින්මැදුරේ මෝරාගේ ප්‍රහාරය | VIDEO

Image
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කෞතුකාගාරයක පිහිටුවා ඇති මෝර ටැංකියක් ස්පර්ෂ කල පුද්ගලයෙකුට ඉතා බියජනක අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ. මෙම කෞතුකාරයේ ඇති මෙම මෝර ටැංකිය ව්‍යාජ එකක් වන අතර යමෙකු එම ටැංකිය මත අත තැබූ විගස ටැංකිය තුල සිටින මෝරෙකු එම වීදුරුවට පහරදී එය බිඳ දමන අයුරින් එය නිර්මාණය කර ඇත. මේ පිළිබඳව නොදත් Gregory Heinzman නමැති තරුණයෙකු එයට අත තබන අතර අනපේක්ෂිත මෝර ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස බියට පත්ව ඉවතට විසිව යන අයුරු යමෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මේ වනවිට එම වීඩියෝව ලොව පුරා මිලියන 10කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

ලංකාවේ දේශපාලකයන් ගස් කපද්දි වසර 700ක් පැරණි ගසක් බේරා දුම්රියපළක් තැනූ ජපන්නු | PHOTO & VIDEO

Image
ඇමති බදියුර්දීන් විල්පත්තුව කපමින් මිනිස් ජනාවාස බිහිකරයි. නුවර අධිවෙගය වෙනුවෙන් පරිසරය ගැන නොතකා පස් කදු ගොඩගසයි. රට පුරාම මහා වනාන්තර එක රැයින් කපා දමා දේශපාලකයන්ගේ හයියෙන් මුදලාලිලා පෝසත් වෙති. ඒ ලංකාවේය. ජපානයේ? ලිඛිත වාර්තා අනුව වසර 700ක් පැරණි ගසක් කපා නොදමා අලංකාර ලෙස ඒ ආශ්‍රිතව දුම්රිය පළක් ඉදිකිරීමට ජපාන ඉංජිනේරුවන් කටයුතු කර තිබේ. ඕසකා දිස්ත්‍රික්කයේ නයගාවා නගරයේ කයෂිමා දුම්රියපළ මෙලෙස එහි වූ ඉපැරණි ගසද සමඟ සංවර්ධනය කර ඇත. 1910 වසරේදී ඉදිකරන ලද මෙම දුම්‍රිය 1972 වසරේදී නැවත අලුත්වැඩියා කර ඇති අතර එහිදී මුලින් මෙම ගස කපා දැමීමට තීරණය කලද පසුව එම අදහස අතහැර එම ගස සමඟම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ඇත. ජපානයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ඇති අතර මෙයද ඒ අතර වැදගත් පාඩමකි.  

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

Image
කොළඹින් හැතැප්ම සියයක් තරම් ඈත පාලටුව ගමේ සිට ඔහු කොළඹ ආවේ පුංචි කොලුවකු ලෙසිනි. බඩගින්න හා බැඳුණු ආර්ථික දරිද්‍රතාව, සැබවින් ම ඔහු කොළඹට තල්ලු කළේය. අද මෙන් ම එදාත් අන්තිම නරක මරදානේ ඔහු නෙළුමක් මෙන් පිපුණේය. බොහෝ දුක් විඳ ව්‍යාපාරයක් හැදුවේය. ජීවිතයට යහ මඟ කියා දෙන පත පොත මෙන්, ඔහු අධ්‍යයනය ද වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි. මං ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා. පොත් කියන්නෙ හොඳහැටි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නේද… මටත් මේක ඉස්සර බිස්නස් එකක් විතරයි. හැබැයි දැන් වෙනස්. දැන් බිස්නස් එක වගේ ම සේවය ගැනත් හිතනවා. ලාභ හොඳින් උපයන්න පුළුවන් විකිණෙන පොත් විතරක් මුද්‍රණය කරනවා නම් විතරයි. නමුත් සේවයක් කිරීමේ අරමුණින් කරන පොත්වලින් ලාභ හොයන්න බැහැ. එතකොට මොනවද ඔය විකිණෙන හා නොවිකිණෙන පොත්… අද ලාභයක් ඇතිව හම්බ කරන්න පුළුවන්, පාසල් ළමයින්ගේ විෂය පොත්වලින් විතරයි. කීය වුණත් ගන...