Posts

කිලෝ 45 ක් බර යකඩ බෝලයෙන් සෙල්ලම් දාන යකඩයා

Image
කිලෝ 45 ක් බර යකඩ බෝලයෙන් සෙල්ලම් දාන යකඩයා...

අරුම පුදුම චාරිත්‍ර : විවාහයට පෙර ඕනෑ තරමක් අය සමඟ යහන් ගතවී, ලැබෙන ලිංගික තෘප්තිය අනුව විවාහය තීරණය වන අරුම පුදුම "ලව් හට්" |PHOTOS

Image
විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවස්ථාව උදාකරදෙන චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චාරිත්‍රය ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන්. මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ. මෙම පැල්පත් හඳුන්වන්නේ “ලව් හට්” ලෙසයි. මෙම ලව් හට් වල තරුණියන් සිටින කාලය අතරතුර තරුණයින් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා. එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ. කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ලංකාවේ අලි එක්දාස් හාරසියයක් මරා දැමු මහා අලි සංහාරකයා

Image
ලංකාව වසර දහස් ගණනකට පෙර ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවති හෙයින් අලින් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වී ඇත. අලියා ශාක භක්ෂක සතකු වන අතර මිනිසා හා අලියා අතර අවුරුදු 5000ක ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් පවතී. ලංකාවෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් පවතී. එම නිසා ලංකාවේ අලි,ඇත්තු විශාල වශයෙන් දඩයම් කරන හෙයින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී තිබේ. තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවුණ පනාමුරේ හස්තියාට 1950 අගෝස්තු මස 5 වන දින වෙඩි තබා ඝාතනය කළ ද පසුගියදා ගල්ගමුවේ දල පුට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමෙන් හෙළි වුයේ තවමත් අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා නොවන බවයි.    

චීනයේ සුපිරි ධනවතා ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ද? | VIDEO

Image
චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ප්‍රධාන ම හා ඉහළින් ම සිටින පුද්ගලයා ජැක්-මා ය. AlibabaE-commerce හි නිර්මාතෘ වරයා ය. මේ අතර ඔහු අලිබබා හි සහෝදර සමාගමක් වන අලිපේ නම් ඊ ගනුදෙනු සේවයේ කොටස් කරුවෙකි. මේ වනවිට චීනයේ ධනවත් ම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ. මෑතකදී ජැක් මා ගේ රූපයට සමාන පිංතුරයක් චීන මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කළේය. ඒ ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ලෙස විකෘති කරමින්ය. එහෙත් සැබවින්ම වී ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නගරයේ පදිංචි 58 හැවරිදි Ke Quanshou,ආරක්ෂක නිළධාරියාගේ පිංතුරයක් වීමය. මොහු ජැක් මා ගේ රූපයට සමාන හෙයින් බොහෝ අය මොහුව හදුන්වන්නේ BRO MA ලෙසය.    

පැය 09ක් අඛණ්ඩව පෑයූ වාර්තාගත දේදුන්නක තතු

Image
දේදුන්නක් යනු සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර ආකර්ෂණයට පත්වන දෙයක් වුවද, චීන තායිපේ සංස්කෘතික විශ්වවිද්‍යාලයේ සිසුන්ට හා ආචාර්යවරුන්ට පසුගියදා එය ලෝක වාර්තාවක් බවට පත්විය. ඒ පැය 09ක කාලයක් එක දිගට රැඳුනු අපූරු දේදුන්නක් පිළිබඳ දත්ත වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවීම හේතුවෙනි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චෝවු කුන්-සුආන් පවසා සිටියේ එය අහසින් ලැබුණු ත්‍යාගයක් ලෙස අපූරු චමත්කාරයක් පැය 09ක කාලයක් පුරාවට ලබාදුන් බවයි. එම මහාචාර්යවරයා මෙන්ම තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දුර්ලභ සිදුවීම වාර්තා කිරීමට යුහුසුළු වූහ. ඔවුන්ගේ නිරීක්ෂණ සහ ඡායාරූපවලට අනුව උදෑසන 06.57ට දර්ශනය වීම ආරම්භ වී තිබූ මෙම දේදුන්න අවසන් වී තිබුණේ සවස 03.55 ටය. මෙම දත්ත වඩාත් තහවුරු කරගැනීමට හැකි වුවහොත් මීට පෙර එංගලන්තයේ, යෝක්ෂෙයර් හි වාර්තා වී තිබූ පැය 06ක දේදුන්න පහසුවෙන්ම අභිභවා ලෝක වාර්තාවක් තැබීමට මෙම දේදුන්නට හැකිවනු ඇත.

ලොව එකම පිරිමි සුදු රයිනෝ වෙනුවෙන් දිවා රෑ නොබලන කෙන්යාව හා දළ ඇතෙකු මරා දැමූ පසු මිනී සොයා වලවල් හාරන ලංකාව | PHOTO

Image
 සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය. මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය. දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි. මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි. ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමු...

Pornographic නිළියක් වන Kiara Mia ගේ දැකලා නැති පැත්ත | VIDEO

Image
Pornographic නිළියක් වන Kiara Mia ගේ දැකලා නැති පැත්ත

රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO

Image
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ. ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා..! ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා “කොන්ක්‍රීට් කුලසිංහ” ලෝකෙටම කරපු දේ | PHOTO

Image
  කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. ...