Posts

චීනයේ සුපිරි ධනවතා ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ද? | VIDEO

Image
චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ප්‍රධාන ම හා ඉහළින් ම සිටින පුද්ගලයා ජැක්-මා ය. AlibabaE-commerce හි නිර්මාතෘ වරයා ය. මේ අතර ඔහු අලිබබා හි සහෝදර සමාගමක් වන අලිපේ නම් ඊ ගනුදෙනු සේවයේ කොටස් කරුවෙකි. මේ වනවිට චීනයේ ධනවත් ම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ. මෑතකදී ජැක් මා ගේ රූපයට සමාන පිංතුරයක් චීන මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කළේය. ඒ ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ලෙස විකෘති කරමින්ය. එහෙත් සැබවින්ම වී ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නගරයේ පදිංචි 58 හැවරිදි Ke Quanshou,ආරක්ෂක නිළධාරියාගේ පිංතුරයක් වීමය. මොහු ජැක් මා ගේ රූපයට සමාන හෙයින් බොහෝ අය මොහුව හදුන්වන්නේ BRO MA ලෙසය.    

පැය 09ක් අඛණ්ඩව පෑයූ වාර්තාගත දේදුන්නක තතු

Image
දේදුන්නක් යනු සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර ආකර්ෂණයට පත්වන දෙයක් වුවද, චීන තායිපේ සංස්කෘතික විශ්වවිද්‍යාලයේ සිසුන්ට හා ආචාර්යවරුන්ට පසුගියදා එය ලෝක වාර්තාවක් බවට පත්විය. ඒ පැය 09ක කාලයක් එක දිගට රැඳුනු අපූරු දේදුන්නක් පිළිබඳ දත්ත වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවීම හේතුවෙනි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චෝවු කුන්-සුආන් පවසා සිටියේ එය අහසින් ලැබුණු ත්‍යාගයක් ලෙස අපූරු චමත්කාරයක් පැය 09ක කාලයක් පුරාවට ලබාදුන් බවයි. එම මහාචාර්යවරයා මෙන්ම තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දුර්ලභ සිදුවීම වාර්තා කිරීමට යුහුසුළු වූහ. ඔවුන්ගේ නිරීක්ෂණ සහ ඡායාරූපවලට අනුව උදෑසන 06.57ට දර්ශනය වීම ආරම්භ වී තිබූ මෙම දේදුන්න අවසන් වී තිබුණේ සවස 03.55 ටය. මෙම දත්ත වඩාත් තහවුරු කරගැනීමට හැකි වුවහොත් මීට පෙර එංගලන්තයේ, යෝක්ෂෙයර් හි වාර්තා වී තිබූ පැය 06ක දේදුන්න පහසුවෙන්ම අභිභවා ලෝක වාර්තාවක් තැබීමට මෙම දේදුන්නට හැකිවනු ඇත.

ලොව එකම පිරිමි සුදු රයිනෝ වෙනුවෙන් දිවා රෑ නොබලන කෙන්යාව හා දළ ඇතෙකු මරා දැමූ පසු මිනී සොයා වලවල් හාරන ලංකාව | PHOTO

Image
 සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය. මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය. දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි. මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි. ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමු...

Pornographic නිළියක් වන Kiara Mia ගේ දැකලා නැති පැත්ත | VIDEO

Image
Pornographic නිළියක් වන Kiara Mia ගේ දැකලා නැති පැත්ත

රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO

Image
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ. ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා..! ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා “කොන්ක්‍රීට් කුලසිංහ” ලෝකෙටම කරපු දේ | PHOTO

Image
  කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. ...

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

Image
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම  සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය  සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන  තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික  සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී...

රංජා සහ පියුමිගේ අලුත් නැ‍ටුම | VIDEO

Image
දේශපාලක,කලාකාර රංජන් රාමනායක හා නිතර නිතර පුවත් මවන පියුමි හංසමාලි ක්ලබ් එකක් ඇතුලේ දැම්ම නැ‍ටුමේ රහස් විඩීයෝව මෙන්න

ලගදීම ජනපති හමුවට එන කිලෝ පහලොවක් බර හාස්කම් ගොඩක් ඇති පළිඟු මැණික මෙන්න | PHOTOS

Image
 ඉතා හාස්කම් සහිත මිලකළ නොහැකි කහ පළිගු මැණිකක්  කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට රූපයක්, මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු ප්‍රකාශකර තිබෙනවා. දැනට  වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් හමුවූ මෙම මැණික් ගල තමන්ට ලැබුණු පසු තම ජීවිතය  සම්පූර්ණයෙන්ම බවටද ඔහු ප්‍රකාශ කරනවා. එසේම එදා පටන්ම    තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම  වසර 30ක පමණ කාලයක සිට තමන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිට තිබෙන බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික වන  යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික්  ගල පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබුනා. මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන  2ක්...