කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. ...